පාර්ලිමේන්තුව උඩු යටිකුරු කරන විශ්‍රාමික නිලධාරියා..

Parliament of Sri Lanka Ranjith Siyambalapitiya Sri Lanka
By Sewvandhi Jun 17, 2023 04:36 PM GMT
Report

මෑතකදී පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ලැබු උසස් නිලධාරියෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචන එල්ලවී තිබේ.

එනම්, පාර්ලිමේන්තුවේ විශේෂිත කමිටුවක ඉහළ තනතුරකට පත්වී විශ්‍රාම වැටුපට අමතරව ඔහු පෙර නිලයේ සම්පුර්ණ වැටුප සහ රථවාහන ඇතුලු අනෙකුත් සියලු පහසුකම් ලබාගැනීම ගැනයි.

අදාල නිලධාරියා පාර්ලිමේන්තුවට දින කිහිපයක් පැමිණෙන අතර එලෙස පැමිණෙන සෑම අවස්ථාවකදී ම පාර්ලිමේන්තුවෙන් සුඛෝපභෝගී වාහනද ලබාගන්නා බව මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

කෙසේවෙතත් ඔහුගේ එම ක්‍රියාකලාපය පාර්ලිමේන්තු නිලධාරීන්ගේ මෙන්ම සේවකයින්ගේ ද දැඩි විවේචනයට ලක්වී ඇත. එමෙන්ම රජයේ ඉහළ ප්‍රධානියෙකුගේ අනුමැතිය මත ඔහු මෙම තනතුරට පත්වී ඇතත් මැතිඇමතිවරුන් බොහෝ පිරිසක් ඔහුගේ මෙම පත්වීමට අප්‍රසාදය පළ කර ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අද (17) මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා  මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.

"කලබල වෙන්න එපා.. එහෙම කටයුතු සිදුවෙන්නේ නැහැ. ඔය වගේ කටයුත්තක් වෙනකොට පාර්ලිමේන්තු කාර්යමණ්ඩල උපදේශක කමිටුවෙන් තමයි අනුමැතිය ගන්නට අවශ්‍ය. ඒ උපදේශක කමිටුවේ මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් සමාජිකත්වය දරන්නේ මම. මීට පෙරත් ප්‍රශ්නයක් තිබුණා. පාර්ලිමේන්තුවේ විශ්‍රාම යන වයස් සීමාව වැඩි කරගැනීමේ ඉල්ලීමක් පිළිබඳව. ඒකටත් විවිධාකාර ඉල්ලීම් තිබුණා. හැබැයි අපි කිසිසේත්ම ඒ සඳහා ඉඩක් ලබාදුන්නේ නැහැ.

පාර්ලිමේන්තුව විශේෂ ආයතනයක්. හැබැයි මුල්‍යමය වශයෙන් රටේ සමස්ථ නීති හැමකෙනාටම වැදගත් නිසා ඒ අවස්ථාවේ ඒ ඉඩ අපි ලබාදුන්නේ නැහැ. ඒ නිසා මම ඉතාම වගකීමෙන් කියන්නේ.. ඒ කමිටුවට මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් සහභාගී වෙන නියෝජිතයා හැටියට කිසිසේත්ම.. මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණ යටතේ අපි මේ වගේ වෙලාවක එක් පුද්ගලයෙකුට, එක් තැනැත්තෙකුට, එක් නිලධාරියෙකුට වැටුප් දෙකක්, තනතුර දෙකක වරප්‍රසාද ලබාගන්න දායක වෙන්නේ නැහැ."