රැස්වීමක් අතරතුර හදිසියේම රෝගාතුර වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හදිසියේම රෝහලට..

Sri Lanka Politician
By Sewvandhi Feb 15, 2024 10:34 AM GMT
Report

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර හදිසියේ රෝගාතුර වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා රෝහල් ගත කොට තිබේ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 14 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අතර මෙම රැස්වීම අවසාන භාගයේදී හදිසි රෝගී තත්ත්වයකට පත් වූ ගුණතිලක රාජපක්ෂ මහතා වහාම මහනුවර පුද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අවස්ථාවේ වෛද්‍යවරුන් උපදෙස් ලබාදී ඇත්තේ මන්ත්‍රීවරයා රෝහලේ නතර කොට අවශ්‍ය ප්‍රතිකාර හා වෛද්‍ය පරීක්‍ෂණ සිදුකළ යුතු බවය.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඒ මහතාගේ පුද්ගලික ලේකම් අනුර මඩලුස්ස මහතා කියා සිටියේ 14 දින සෞඛ්‍ය සේවා වැඩවර්ජනයක් පැවැති බැවින් මන්ත්‍රීවරයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් නොකොට පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට සිදුවූ බවය.

මේ වන විට ඒ මහතාගේ රෝගී තත්ත්වය යහපත් අතට හැරී තිබුනද තවත් ප්‍රතිකාර මෙන්ම වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට පවතින බැවින් මේ වන විටද මන්ත්‍රීවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද අනුර මඩලුස්ස මහතා වැඩිදුරටත් කීය.(උපුටාගැනීමක්)