යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයෙක් අවාසනාවන්ත සිද්ධියකට මුහුණපාමින් මෙලොව හැරයයි..!

Sri Lanka parliament member drowning Mulathiw Mansivayam Dilakshan Ottusudaan
By Sewvandhi Apr 06, 2022 01:24 PM GMT
Report

මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින් යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජිතයෙකු ලෙස කටයුතු කළ නම්සිවායම් ඩිලක්ෂන් නමැති 25 හැවිරිදි තරුණයෙකු  ඊයේ (05) සවස දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව්, ඔඩ්ඩුසුඩාන් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ, ඔඩ්ඩුසුඩාන්, ඒම්පල්කුලම වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ එම තරුණයා ජිවිතක්ෂයට පත්ව ඇති බව ය.

අදාළ තරුණයා ඇතුළු තරුණයින් සිව් දෙනෙකු තාවකාලික පදනම යටතේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කොට ඇති අතර, ඉඩම් මැනීමේ කටයුත්තකින් අනතුරුව වැවේ දිය නෑමට  ගිය අවස්ථාවේ දියේ ගිලීමෙන් මියගොස් ඇති බවට මූලිකව අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.

ජීවිතක්ෂයට පත්වු තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් මුලතිව් රෝහලට යොමුකළ බව ද පොලිසිය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now