පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඇතුළු පිරිසක් පිට්ටනියක ගුටි කෙලියක්..

Accident Sri Lanka Parliament Wawnia Pm attack
By Aruna Feb 27, 2022 06:57 AM GMT
Report

වව්නියාව වයිරවපුලියන්කුලම් ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක ඊ.පී.ඩී.පී. පක්ෂ වව්නියාව දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.දිලීපන් මහතා ඇතුලු පාර්සවයක් හා තවත් පාර්සවයක් අතර ඊයේ (26) දින ඇති වූ ගැටුමක් හේතුවෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසය පවසනවා.

අදාල ප්‍රදේශයේ දින දෙකක් පුරා දෙපාර්සවයක බහින්බස්වීම් ගැටුමක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ඒ පිළිබඳව සෙයාබැලීමට අදාල මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් ක්‍රීඩාංගටනය ගොස් සොයා බලන අවස්ථාවේදී එම ස්ථානය පැමිණි තවත් පාර්සවයක් මන්ත්‍රීවරයාගේ පාර්සවය සමග ඇති වූ බහින්බස් වීම දුරදිග ගොස් ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.

පසුව එම ස්ථානයෙන් මන්ත්‍රීවරයා ඉවත්වීමත් සමග මන්ත්‍රීවරයාගේ වාහනය පසුපස පැමිණි පිරිසක් විසින් ඔහුගේ කාර්යාල භූමියටද කඩා වැදී කාර්යලයට ඇතුල්වීමට උත්සහ දැරූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි වව්නියාව පොලීසිය විසින් පහරදීමට උත්සහ දැරූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන නොසන්සුන් තත්වය පාලනය කරනු ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇත.