අද පාර්ලිමේන්තුවේ සිදුවන විශේෂ දේ මෙතනින් දැනගන්න.(LIVE)

Parliament of Sri Lanka
By Aruna Aug 09, 2022 07:45 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය අද (09) ආරම්භ වනවා.

පස්වරු 1ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වන අතර පස්වරු 4යි 30 දක්වා එම විවාදය පැවැත්වෙනු ඇති.

හෙට සහ ලබන 12 වනදා ද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වෙනවා.

එසේම මෙම වසර සඳහා වන අයවැය සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

පසුගිය දා පාර්ලිමේනතුව වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වූ කාරක සභා සඳහා සමාජිකයන් පත් කර ගැනීම ද අද ආරම්භ වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now