පාකිස්තානයේ ප්‍රහාරයකින් ආරක්ෂක අංශයේ 9ක් මරුට

By Sithumi Mar 06, 2023 02:28 PM GMT
Report

නිරත දිග පාකිස්තානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එරට ආරක්ෂක නිලධාරීන් 9 දෙනෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාළ ලබා තිබෙනවා.

වාර්ෂික සංස්කෘතික උත්සවයක් සඳහා සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගමන් ගත් ට්‍රක් රථයක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙනවා. 

 මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය පවසනවා.