රැඳවියෙකු බැලීමට පැමිණි ඥාතියෙකු නිලධාරීන්ගේ ඇස් වසා රැගෙන ආ දේ..

Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Sithumi Nov 03, 2022 01:21 PM GMT
Report

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා ඇති රැඳවියෙකු බැලීම සඳහා කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයෙකු නොවැම්බර් මස පළමු වැනිදා පස්වරු 3.45 ට පමණ බන්ධනාගාර අමුත්තන් පෙන්විමේ ස්ථානය වෙත පැමිණ තිබෙනවා.

එහිදී, පැමිණි ඥාතිය සන්තකයේ තිබී සුරුට්ටු 200 ක පාර්සලයක් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරියෙකු භාරයට ගෙන තිබෙනවා.

එනම්, ටික වේලාවකට පසුව රැඳවියා බැලීමට පැමිණි පිරිමි පුද්ගලයා සැක සහිත අයුරින් එම ස්ථානයෙන් ඉවත් වීමට උත්සහා කිරීමේදී රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරියෙකු ක්ෂණිකව ක්‍රියාත්මක වී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කර තිබෙනවා.

එම අවස්ථ‍ාවේ ඔහු සන්තකයේ තිබී රැඳවියාට ලබා දීම සඳහා රැගෙන එන ලද සුරුට්ටු 200 ක් අඩංගු පාර්සලයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් ඉදිරියේදී අත්අඩංගුවට ගත් බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ.

මෙම තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලය සමඟ එම පුද්ගලයා හා ඔහු සමඟ පැමිණි එක් කාන්තාවක් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් අගුණකොළපැලැස්ස පොලිස්ථානය වෙත භාර දීමට කටයුතු කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය විසින් විමර්ශණයක් සිදු කරමින් පවතිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now