ලෝක ශූරතාවලියේදී මව්බිමට තවත් පදක්කමක්..!
Sri Lanka
By Sewvandhi
ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් පැරා මළල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබේ.
පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ F64 ඛාණ්ඩයේ අවසන් තරගයට එක්වෙමින් ඔහු මෙම දක්ෂතාව දක්වා ඇත. එහිදී සමිත දුලාන් ලෝකඩ පදක්කම හිමිකරගැනීමට දැක්වූ දක්ෂතාවය මීටර් 64.06කි.
මේ අතර, ගයන්තිකා අබේරත්න සහ නදීෂා ලේකම්ගේ 25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට ලෝකඩ පදක්කම් 02ක් දිනා දීමට සමත් වූවාය.
මීටර් 1500 කාන්තා ධාවන ඉසව්ව මිනිත්තු 4යි තත්පර 14.39කින් නිම කරමින් ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කම දිනා ගත්තාය.
නදීෂා ලේකම්ගේ නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.
එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 60 දශම 9යි 3කි. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවරදීය.