"ඝාතනයට පෙර සුරූපී තරුණිය ටික්ටොක් වීඩියෝවකුත් කරලා"..රටම කම්පා කළ ඝාතනයේ අලුත්ම ආරංචිය මෙන්න
පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයක වැසිකිළි වළක තිබී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් වැදගත් හෝඩුවා රැසක් මේ වන විට ලැබී ඇතැයි පොලිසිය පවසනවා.
උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කලේ කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක නැවතී සිටි එම කාන්තාව කඩවත ප්‍රදේශයේ සමාජ ශාලාවක සේවයට පැමිණ දිනක් පමණ වන බව එහි හිමිකරුගෙන් අනාවරණය වී ඇති බවයි.
මෙම කාන්තාව ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන 26 හැවිරිදි දෙදරු මවක බවට තොරතුරු ලැබී තිබෙනවා.
කාන්තාවගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් ඉකුත් 28 වැනිදා රාත්‍රී විද්‍යුත් මාධ්‍යයක ප්‍රචාරය වන දුටු ඇයගේ මිතුරකු පොලීසියට පැමිණ ඇය පිළිබඳ වැදගත් හෝඩුවා රැසක් ලබාදුන් බව එම නිලධාරියා සදහන් කළා.
එම කාන්තාව පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයේ කාමරයේ ගත කරන අතරවාරයේදී ගීතයකට අනුකූලව මුව විවර කරමින් එම ගීතය ගායනා කරන අයුරින් සිදු කරන ලද නිරූපණයක් දැක්වෙන වීඩියෝවක් ටික්ටොක් ඇප් එකක් හරහා ඇයගේ මිතුරා වන එම පුද්ගලයා වෙත ලැබී තිබියදී පොලීසිය වෙත ඉදිරිපත් කර තිබූ බවත් එම උසස් පොලිස් නිලධාරියා පැවසුවා.
කාන්තාව ඉකුත් 26 වැනිදා නිවාඩු නිකේතනයේ කාමරයේ විදුලි පංකාවේ ගෙල වැලලාගෙන සිටි බවට අත්අඩංගුවේ පසුවන සැකකරුවකු ප්‍රකාශ කළ ද අනෙක් සැකකරුගෙන් එවැනි තොරතුරක් අනාවරණය නොවන බවත් පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින නිවාඩු නිකේතනයේ කළමනාකරු ඇතුළු තිදෙනා අතර නිවාඩු නිකේතනයට සම්බන්ධ නොමැති කළමනාකරුගේ හිතවතකු වන පිටස්තර පුද්ගලයකු ද සිටින බවත්, එම පුද්ගලයා තොටළඟ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් හේතුවෙන් සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ද පොලීසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින පුද්ගලයකු ද වන බවත් පොලිස් ආරංචිමාර්ග කරයි.
මෙකී කාන්තාවට අයත් අත් බෑගය සැකකරුවන් නිවාඩු නිකේතනයට අයත් වෙරළ ආසන්නයේ පිහිටා තිබෙන ස්ථානයක පුළුස්සා තිබූ හෙයින්, ඇයගේ නිත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමට දැඩි බාධාවක් වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |