සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ඝාතනය කල යුවල අල්ලයි..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Feb 05, 2023 03:01 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 අද (05) කඳාන ප්‍රදේශයේදී පැලවත්තේ ඉදිකෙරෙමින් පවතින සිය නිවසේ පිහිණුම් තටාකයේදී පසුගියදා අභිරහස් ලෙස මිය ගිය කෝටිපති නිමිඇඳුම් ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකාර යුවළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවට මීට පෙර සැක කෙරුණත් පසුව අනාවරණය වී ඇත්තේ ඔවුන්ගේ එම විදෙස්ගත වීමේ ප්‍රයත්නය අසාර්ථක වී ඇති බවය.

ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවළ කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතා පැවසීය. අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කරයි.

ඔවුන් 23 හා 27 හැවිරිදි වියේ පසුවන්නන් බවත් අනාවරණය වී තිබේ. ‍ ඉකුත් 30 වෙනි දින ව්‍යාපාරිකයා අතුරුදන්ව තිබූ අතර ඔහුගේ මළ සිරුර ඊට දින දෙකකට පසු පැලවත්ත එම්. ඩී. එච්. පුර ඉඳිකරමින් පවතින ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ පාවෙමින් තිබියදී තලංගම පොලීසිය මගින් සොයා ගෙන තිබුණි. 

 ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් අනතුරුව ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය ජංගම දුරකථනය රැගෙන ගොස් තිබූ අතර මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ ගරාජයක් අසල නවතා තිබියදී ඉකුත් තුන් වෙනි දින පොලිසිය මගින් සොයා ගැණුනි.

අදාළ ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටියදී කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ ලද තොරතුරක් අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now