ශ්‍රී ලංකාවට ආසන්න රටකට මිසයිල ප්‍රහාරයක්..එම රටෙන් අනතුරු ඇඟවීමක්..

Pakistan Indian Missile attack
By Aruna Mar 13, 2022 12:39 AM GMT
Report

අත්වැරදීමක් හේතුවෙන් පාකිස්තානයට මිසයිලයක් එල්ල වූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය 09 වනදා සිදුවූ එම සිදුවීම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බවත්, සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බවත් ඉන්දියාව ප්‍රකාශ කර තිබේ.

මෙය අත්වැරදීමකින් සිදුවුවත් එම සිදුවීම බරපතල ලෙස සලකන බව හා සිද්ධීයෙන් කිසිඳු ජීවිත හානියක් සිදුනොවීම සහනයක් බවයි ඉන්දිය ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවත් ඉන්දිය ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් පකිස්තානය පැවසුවේ, ඉන්දියාව දෙසින් එල්ල වූ එම මිසයිලය සිය ගුවන් සීමාව තුළ කිලෝමීටර් 100 කට වඩා වැඩි දුරක්, ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයක වේගයකින් ගමන් කර ඇති බවයි.

එහෙත් මිසයිලය පුපුරා යාමට අවශ්‍ය යුධ හිසක් නොතිබූ නිසා එය පුපුරා ගොස් නැති බවත් සිදු වෙන්නට ගිය මහා විනාශයක් වැළකුණු බවත් විදෙස් වාර්තා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවට අනතුරු අගවා සිටින පකිස්තානය පවසන්නේ එවැනි නොසැලකිලිමත් ක්‍රියා හේතුවෙන් මුහුනපෑමට සිදුවන බරපතල ප්‍රතිවිපාක ගැන සැලකිලිමත් වන ලෙසයි.

අනාගතයේදී එවැනි සිදුවීම් ඇතිවීම වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ද පකිස්තානය අවධාරණය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now