පකිස්තානයේ බිහිසුණු පිපිරීමක්..! හදිසි තත්වයක් නිවේදනය කෙරේ..

Pakistan Bomb Blast
By Sewvandhi Sep 29, 2023 09:34 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල පිපිරීමක් සිදුවී ඇති බවයි.

පාකිස්තානයේ සිදු වූ පිපිරීමෙන් මේ වන විට පුද්ගලයන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ.

බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත්තේ, නබි නායකතුමා ගේ උපන්දිනය සැමරීම උදෙසා පැවති ආගමික උත්සවයක් අතරතුර දී මෙම පිපිරීම සිදු ව ඇති බවයි.

මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට එරට පොලීසිය සැක පහළ කරයි. මේ වන විට එරට හදිසි තත්ත්වයක් ද නිවේදනය කර ඇති බව වාර්තා වේ.

මේ වන විට තුවාලකරුවන් එරට රෝහල් දෙකක් වෙත ප්‍රවාහනය කරමින් පවතින බව ද සඳහන්ය. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් භාරගෙන නොමැති බව ද වාර්තා වේ.