පකිස්තානයේ බිහිසුණු පිපිරීමක්..! හදිසි තත්වයක් නිවේදනය කෙරේ..

Pakistan Bomb Blast
By Sewvandhi Sep 29, 2023 09:34 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල පිපිරීමක් සිදුවී ඇති බවයි.

පාකිස්තානයේ සිදු වූ පිපිරීමෙන් මේ වන විට පුද්ගලයන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ.

බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත්තේ, නබි නායකතුමා ගේ උපන්දිනය සැමරීම උදෙසා පැවති ආගමික උත්සවයක් අතරතුර දී මෙම පිපිරීම සිදු ව ඇති බවයි.

මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට එරට පොලීසිය සැක පහළ කරයි. මේ වන විට එරට හදිසි තත්ත්වයක් ද නිවේදනය කර ඇති බව වාර්තා වේ.

මේ වන විට තුවාලකරුවන් එරට රෝහල් දෙකක් වෙත ප්‍රවාහනය කරමින් පවතින බව ද සඳහන්ය. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් භාරගෙන නොමැති බව ද වාර්තා වේ.