ප්‍රබල පාකිස්ථානය එක්සත් ජනපදයට පරාජය වෙයි..ක්‍රිකට් ලොව උණුසුම් කළ තරඟය මෙන්න..
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ජය ගැනීමට එක්සත් ජනපද කණ්ඩායම සමත් සමත්වී තිබෙනවා.
ඒ සුපිරි පන්දුවාරයේදී ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින් වීම විශේෂත්වයක්.
කාසියේ වාසිය දිනූ එක්සත් ජනපදය පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළේ ය.
ඒ අනුව, පිටියට පිවිසි පාකිස්ථානයට ලබා ගැනීමට හැකි වූයේ, පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් පමණි.
නායක Babar Azam ලකුණු 44ක්ද, Shadab Khan ලකුණු 40ක්ද පාකිස්ථානය වෙනුවෙන් රැස් කරනු ලැබීය.
ලකුණු 160ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි එක්සත් ජනපදය පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 159ක් ලබා ගැනීම හේතුවෙන් තරගය සුපිරි පන්දුවාරයක් සඳහා යොමු කිරීමට සිදු විය.
එහිදී එක්සත් ජනපදය පන්දු 06ට ලකුණු 18ක් රැස් කළේ ය. ඊට පිළිතුරු ලෙස පාකිස්ථානයට රැස් කර ගත හැකි වූයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 13ක් පමණයි.
ඒ අනුව, එක්සත් ජනපදය සුපිරි පන්දුවාරය හරහා මෙම තරගය ජය ගැනීමට හැකි වුණේ ප්‍රබල පාකිස්ථානුවන්ට අමිහිරි පරාජයක් ගෙන දෙමින් ය.