හිටපු මන්ත්‍රීට ඇප
Sri Lanka
Sri Lanka Police Investigation
Samagi Jana Balawegaya
By Sewvandhi
හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන සංවිධායක පී. ඩි. අඅබේරත්න මහතා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.
එමෙන්ම ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් පැනවූ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙන ලෙසත් නියෝග කළේය.
එසේම ඔහුගේ ගිනි අවිය අධිකරණය භාරයට ගෙන ආරක්ෂක අමාත්‍යාංශය හරහා එහි බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.