කොළඹ අයට සුබම සුබ ආරංචියක් මෙන්න - බලන්නකෝ ඒ මොකක්ද කියලා..
                                    
                    Ranil Wickremesinghe
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    President of Sri lanka
                
                                                
                    Presidential Update
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ එළැඹෙන මාසයේ දී කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් 250,000කට ඔවුන් සිටින තට්ටු නිවාසවල සින්නක්කර අයිතිය ලබාදීමට තමා පියවර ගන්නා බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (17) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති උත්සවයේ දී ය.
අද ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී "උරුමය" සින්නකර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් ලෙස මහවැලි වලව කලාපයේ ජනපදිකයින් 1,524 දෙනෙකුට ඔප්පු ලබාදීමේ වැඩසටනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    