සේවකයින්ගේ අතිකාල දීමනා (Over Time) කප්පාදුවක් ..? අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ..!
දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කරන්නේ ද එසේත් නොමැති නම් විශාල වශයෙන් අතිකාල දීමනා ලබන සේවකයින්ගේ අතීකාල කප්පාදුවක් සිදුකරන්නේ යන්න සම්බන්ධයෙන් සලකා බැලිය යුතු කාලය එළඹ ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ නැංවීම සම්බන්යෙන් මහනුවර දී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කළේය.
"දුම්රියේ ඩීසල් බිල, එහෙම නැත්නම් තෙල් සංස්ථාවට ගෙවිය යුතු ඉන්ධන බිල පවා පියව ගන්න බැරි මට්ටමක තමයි ගාස්තු තියෙන්නේ ඉන්ධන මිල වැඩි වුණ නිසා. එතකොට අනිවාර්යෙන්ම ඉන්ධන මිල පියවා ගැනීම සඳහා අපිට යම් සංශෝධනයකට යන්න සිද්ධ වෙනවා. එහෙම නොකරනවා නම් අපිට අතිශය විශාල අතිකාල දීමනා ලබන සේවකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒකෙන් අඩුකරලා ගෙවන්නත් පුළුවන්. මේකෙන් වැඩිකරලා ගෙවන්නත් පුළුවන්. දෙකෙන් කෝකෙන් හරි ගෙවන්න වෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |