ලොව පුරා පාසල් නොයන දරුවන් පිළිබද හෙළිදරව්වක්
පාසල් අධ්‍යාපනය කුඩා කල සිටම ජීවිතයට ඉතාම වැදගත් අංශයක්. ලෝකයේ සෑම රටකම ප්‍රධාන වශයෙන් අධ්‍යාපනයට ප්‍රමුඛ ස්ථානයක් ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත් රටක අධ්‍යාපනය ඒ රටේ ආර්ථිකය මත ගොඩනැගේ. රටේ ආර්ථිකය පහළ මට්ටමක පවතී නම් එම රටේ අධ්‍යාපනයටද විශාල වශයෙන් බලපෑම් එල්ල වෙනවා.
යුනෙස්කෝ සංවිධානය පවසන අන්දමට පසුගිය වසර තුල ලොව පුරා පාසල් අධ්‍යාපනයක් අහිමි වන දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 250 ක් බවක්. 2021 වසර හා සැසදීමේදී මෙය මිලියන හයක වැඩිවීමක් බවයි එම සංවිධානය එළිදැක්වූ නවතම සංඛ්‍යාලේඛනවලින් හෙළිවී තිබෙන්නේ.
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් විශාල වශයෙන් අධ්‍යාපනයෙන් බැහැර කිරීම මෙම වැඩිවීමට අර්ධ වශයෙන් හේතු වී ඇති බව හෙළි වී තිබෙනවා .
යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙන්නේ දියුණු වෙමින් පවතින බොහෝ රටවල් අධ්‍යාපන ප්‍රතිපත්ති යාවත්කාලීන නොකිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි