ජෝතිෂ්‍යට අනුව තමයි මම ජිවිතේ හැම දේම කරන්නේ. ඕෂදී හේවාමද්දුම (PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Dec 23, 2022 04:43 PM GMT
Report

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියලා කියන්නේ. ඉතින් දැන්නම් අපට ඇයව වැඩිය රූපවාහිනිය ඔස්සේ දකින්න නොලැබුනත් ඇය කාටත් ආදර්ශයක් සපයමින් ආදරණීය සැමියයි දරුවන් දෙන්නයි එක්ක ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බව කවුරුත් දන්නවා. 

  ඉතින් ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇය ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් දෙන්නෙක් විවාහ වුනාට පස්සේ එයාලට ලොකු වයසක් නැත්නම් දරුවෝ හදන්න හදිස්සි වෙන්න එපා කියලයි ඇය කියන්නේ. 

මොකද විවාහ වුන ගමන් දෙන්නෙක් යාළුවෙලා ඉන්න කලේ වගේ නෙවෙයිලු, ඒ දෙන්න එක වහලක් යටට ආවට පස්සේ දෙන්නගේ රුචි අරුචිකම් සමීපව දැනෙන නිසා ඒවාට හුරු වෙන්න කාලයක් ඕන කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇයගේ අම්මා ගොඩක් ජෝතිෂ්‍ය විස්වාස කරන කෙනෙක් කියලයි ඕෂදී කියන්නේ. 

ඒ නිසාම ඇය විවාහ වෙද්දී අනිවාර්යයෙන්ම ජෝතිෂ්‍යානුකූලව විවාහ වෙන්න ඕන කියලා මතේ ඇයට එදා ඉදලම තිබුනා කියලත් ඇය කියනවා. ඉතින් ඇය යාලු වුනාට පස්සේ මේ දෙන්නගේ කේන්දර බලුවම කිවුවලු අනිවාර්යයෙන්ම අවුරුද්දක් ඇතුලත විවාහ වෙන්න කියලා. ඒ නිසා ඔවුන් විවාහ වුනේ හදිසියේ කියලයි ඕෂදී කියන්නේ. 

ඉතින් මේ ආදරණීය යුවලට දරුවෙන් දෙදෙනෙක් ඉන්නවා කියන්නත් දැන්නම් නොදන්නා කෙනෙක් නැහැ. ඒ පුතෙක් සහ දුවෙක්. ඉතින් ඇයට පලවෙනි දරුවා, ඒ කියන්නේ පුතා ලැබිලා තියෙන්නේ සීසා කරලා. හැබැයි ඇය නැකත් හදලා හරියට වෙලාවට දරුවාව බිහි කරන්න කැමති වුනේ නැහැලු. නමුත් දෙවෙනි දරුවා ලැබෙද්දී ඇය ජෝතිෂ්‍ය වේදියෙකුගෙන් ඇහුවම ඇයට හෝරාවක් දුන්නාලු මේ වෙලාව ඇතුලත දරුවාව බිහි කරන්න කියලා.  

හැබැයි ඇයට ඒ ජෝතිෂ්‍යට අනුව ලබා දුන්න කාලය තුල දරුවාව බිහි කරන්න බැරි වුණා කියලත් ඇය කියනවා. ඉතින් දරුවාගේ දෛවය අනුව දරුවට ඕන වෙලාවට මේ ලෝකෙට ආව නිසා ඇයට ඒ ගැන කිසිම දුකක් නැහැ කියලයි ඕෂදී පැවසලා තිබුනේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery