නසා හි ඔරායන් සඳෙහි කක්ෂයට ඇතුල් වෙයි.
                                    
                    NASA
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    පසුගියදා නාසා ආයතනය විසින් සඳ මතට යැවීම සඳහා අභ්‍යවකාශ ගත කළ ඔරායන් යානය මේ වන විට සාර්ථකව සඳෙහි කක්ෂයට ඇතුළු වී තිබෙනවා.
මෙය නාසා ආයතනය විසින් සිදු කරන ආටිමිස් මෙහෙයුමේ එක් අදියරක් වන අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් වැය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම අවසන්වී වසර 50 කට පමණ පසු නාසා චන්ද්‍ර යානයක් සඳට ළං වූ පළමු අවස්ථාව මෙය වනවා.
ඔරායන් යානය සඳ මතුපිටට ගොඩබෑමක් නොකරන අතර, එය අඳුරු කලාපයද පසුකර සඳ වටා ගොස් ආපසු පෘථිවිය බලා පැමිණීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |