සාමාන්‍ය පෙළ 10 වසරට?. උසස් පෙළ?.

A D Susil Premajayantha Sri Lanka Politician School Incident Latest Headlines Decision Making
By krishani Apr 06, 2024 02:06 PM GMT
Report

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

සාමාන්‍ය පෙළ 10 වසරට?. උසස් පෙළ?. | Ordinary Level And Advanced Level Examinations

ඒ ලබන වසරේ සිට වයස අවුරුදු 4 සම්පූර්ණ වූ කිසිදු දරුවෙකුට පෙර පාසල් අධ්‍යාපනය ලබා නොදී නිවසේ තබා ගත නොහැකි බවයි.

එමෙන්ම, ඉඩ ඇති හා වැසීගෙන යන සියලුම පාසල්වල පෙරපාසල් දරුවන් වෙනුවෙන් පංති කාමරයක් වෙන් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පාසල් විෂය මාලාවේ කරන්න යන අලුත්ම වෙනස.. - දූ දරුවන්ට පණිවිඩයක් මෙන්න..

පාසල් විෂය මාලාවේ කරන්න යන අලුත්ම වෙනස.. - දූ දරුවන්ට පණිවිඩයක් මෙන්න..


ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ය.

එම විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත නව තෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල තැබීම සහ STEM මධ්‍යස්ථානය හා සූර්ය බල පද්ධතිය සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ඉදිරි කාල සීමාව තීරණාත්මකයි?. අද ඉඳලා 15 වෙනිදා වෙනකම් මොකද දන්නව ද දිවයිනේ වෙන්නෙ..

ඉදිරි කාල සීමාව තීරණාත්මකයි?. අද ඉඳලා 15 වෙනිදා වෙනකම් මොකද දන්නව ද දිවයිනේ වෙන්නෙ..


එම අවස්ථාවට එක් වූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ,

"අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපි එක, හය, දහය නියම ව්‍යාපෘතිය පටන් ගන්නවා තව සති දෙක තුනකින්. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මේ දහතුන වසර දොළහට ගේන්න. එකොළහ දහයට එනවා. ඒක එකපාර කරන්න බෑ. ලබන ජනවාරියේ ඉඳලා කිසිම දරුවෙක් අවුරුදු හතර සම්පූර්ණ ගෙදර තියන්න බෑ." යනුවෙන් ය.