ළිඳට වැටුණු දරුවා බේරා ගැනීමට හැකි වෙයිද..? මෙහෙයුමට තවත් අභියෝගයක්..සිදුවන දේ මෙන්න..(VIDEO)
Morocco
Ighran
tube well
Rayan
By Sewvandhi
මොරොක්කෝවේ උතුරුදිග ඉග්රාන් නම් දුෂ්කර ගම්මානයක අඩි 100ක් පමණ ගැඹුරු ළිඳකට වැටී සිරවුණු දරුවා මුදාගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.
ඒ අනුව මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් මේ වනවිට කාලය සමග සටනක නිරතව සිටී.
රයන් නම් මෙම පස් හැවිරිදි දරුවා පසුගිය අඟහරුවාදා දින ළිඳට වැටි තිබුණි.
දැනටමත් සහන කණ්ඩායම් විසින් ළිඳ අසලින් මීටර් 27ක් දක්වා හාරා දරුවාට ළඟා වී ඇති අතර ඉදිරි පැය කිහිපයේදී තිරස් අතට මීටර් 5 ක් හාරා එම විවරයෙන් රයන් පිටතට ගැනීමට බලාපොරොත්තු වන බව සහන කණ්ඩායම් පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |