සුරාසැල් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න.
අද (09) දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත ව තැබෙන වෙලාවන් සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.
ඒ නීතිවිරෝධි මත්පැන් සමාජගත වීම වැළැක්වීම, සුරාසල් විවෘත ව තැබෙන වෙලාවන් සංශෝධනය කිරීමේ එක් අරමුණක් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම (ගගන) දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා අද දින කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කියා සිටියේ ය.
එහිදී අදහස් දැක් වූ ඒ මහතා,
"සෑම අවස්ථාවකම අපි උත්සාහ කරනවා නියමිත ප්‍රමිතියෙන් යුතු මත්පැන් පමණක් නියමිත නිත්‍යනුකූල සැපයුම් ක්‍රම ඔස්සේ එම පාරිභෝගිකයින්ගේ අතට පත්වීමට ඇති හැකියාව වැඩි කරන්න.
ඒ අනුව නීති විරෝධි කර්මාන්තයේ දැනට අපිට දකින්ට තිබෙන පිබිදීම අඩු කරන්නටත් ඒ වගේම නීති ක්‍රියාත්මක කිරීමේ කටයුතු වර්ධනය කරමින් හැකිතාක් දුරට එම කර්මාන්තය මුලින් උපුටා දැමීමටත් කටයුතු කරන්න. ඒ අපේක්ෂාවෙන් තමයි මේ නව වෙලාවන් සංශෝධනය කරලා තියෙන්නේ." යනුවෙන් ය.
මේ අතර, මෙම සංශෝධනය සිදුකර ඇත්තේ, සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල ප්‍රකාර ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ය.
ඒ අනුව විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර වර්ගය යටතේ ඇති සුරාසල් පෙ.ව 8 සිට රාත්‍රී 10 දක්වා විවෘත වේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින්,
වහාම ක්‍රියාත්මක වන පරිදි, සුරාසැල් විවෘත කරන සහ වසන වෙලාවන් වෙනස් වෙයි - ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය මෙතැනින්.. (PHOTOS)