තැන්පත්කරුවන් පිරිසකට සුබ ආරංචියක් - අවුරුදු 02ක් ඇතුළත කරන්න යන දෙය මෙන්න..

Colombo Sri Lanka Magistrate Court Businessman Latest Headlines Decision Making
By krishani May 28, 2024 10:48 AM GMT
Report

Onmax පිරමීඩ යෝජනා සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වනවිට විශාල පිරිසකගේ මුදල් අහිමි වී තිබෙනවා.

තැන්පත්කරුවන් පිරිසකට සුබ ආරංචියක් - අවුරුදු 02ක් ඇතුළත කරන්න යන දෙය මෙන්න.. | Onmax Cashback Scheme

එලෙස මුදල් අහිමිව සිටින තැන්පත්කරුවන්ට එම මුදල් වසර දෙකක් තුළ ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව අද (28) එම සමාගමේ අධ්‍යක්ෂවරුන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ එම අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.

මෙම දැනුම්දීම එම අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සිදුකර ඇති බව සඳහන් විය.

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක්?. රජය විශේෂ තීරණයකට යයි..

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක්?. රජය විශේෂ තීරණයකට යයි..


එහිදී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ සිය සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් 61,000කට මුදල් ගෙවීමට නියමිතව තිබෙන බවයි.

එලෙස ගෙවිය යුතු මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 18 කට අසන්න ය.

එමෙන්ම, තම සමාගමට අදාළ බැංකු ගිණුම් මේ වනවිට අධිකරණය විසින් තහනමට ලක් කර තිබෙන බව ඒ මහතා පැවසීය.

එම තහනම ඉවත් කරන්නේ නම් වසර දෙකක් තුළ අදාළ මුදල් තැන්පත්කරුවන්ට නැවත ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

මෙහිදී අධිකරණයේ දී මුදල් අහිමි වූ තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ විත්තිකරුවන් විසින් තම සේවා දායකයින්ට රුපියල් කෝටි 25ක පමණ මුදලක් නැවත ගෙවීමට නියමිතව තිබෙන බවයි.

මහෙස්ත්‍රාත්වරයා මෙහිදී තැන්පත්කරුවන්ට නියෝග කළේ තමන්ට ගෙවීමට තිබෙන මුදල් පිළිබඳ සියලු විස්තර විත්ති පාර්ශ්වය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස ය.

රටම බලා හිටිය, වැටුප් වැඩි වීම ගැන මේ දැන් ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න..

රටම බලා හිටිය, වැටුප් වැඩි වීම ගැන මේ දැන් ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න..


එමෙන්ම, ඉන් පසුව විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර අදාළ මුදල් නැවත ගෙවීමේ වැඩපිළිවෙළක් සකස්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

එමෙන්ම අදාළ බැංකු ගිණුම් තහනම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය කරුණු සලකා බලන බවත් මහෙස්ත්‍රත්වරයා විත්ති පාර්ශ්වයට දැනුම් දුන්නේ ය.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල ජුලි මස 09 වනදා යළි කැඳවීමට නියෝග කළ අතර එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම්දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් පාර්ශ්වකරුවන්ට දන්වා සිටියේ ය.

කෙසේ වෙතත්, එම නඩුවේ සැකකරුවන් ලෙස අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් පස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මේ වන විට ඔවුන් ඇප මත මුදාහැර ඇත.