ලංකාවේ ප්‍රමුඛ සහ ප්‍රසිද්ධ ඔන්ලයින් සමාගමකට නඩු..ගණුදෙනුකරුවන්ට රතු එළියක්!!..

Sri Lanka Business Online shopping Daraz
By Aruna Mar 25, 2022 03:58 AM GMT
Report

2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනත ට අනුව සියලු විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවියේදී අවම මාස 6කට නොඅඩු වගකීම් කාලසීමාවක් ලබාදිය යුතු වනවා.

නමුත් මෙම නීති රීති උල්ලංඝනය කරමින් ලංකාවේ ප්‍රමුඛ සහ ප්‍රසිද්ධ ඔන්ලයින් සමාගමක් වන daraz ආයතනය විසින් වගකීම් කාලසීමාවක් ලබා දීමකින් තොරව සහ මාස හයකට අඩු කාලසීමාවක් සඳහා වගකීම් ලබාදෙමින් විවිධ විදුලි උපකරණ අලෙවි කරනු ලැබ ඇත.

මේ පිළිබඳව ක්‍රියාත්මක වූ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි වැටලීම් ඒකකය මාර්තු මස 23 වන දින daraz සමාගමට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු සිදුකොට ඇති අතර ඉදිරියේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධව නඩු පැවරීමට නියමිතව ඇත.

මෙවැනි විමර්ශන දිස්ත්‍රික්කය පුරා තවදුරටත් ක්‍රියාත්මක බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වැඩිදුරටත් අවධාරණය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now