Online විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Tiran Alles Sri Lanka Institute of Information Technology Passport Sri Lanka Customs Foreign Employment Bureau
By Aruna Jul 16, 2023 06:21 AM GMT
Report

විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීම සඳහා ගත වූ මාසයක කාලය තුළ 29578 දෙනකු අයදුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන් අයදුම්කරුවන් 5294ක් එක්දින සේවය සඳහා ද 24285ක් සාමාන්‍ය සේවය සඳහා ද අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පසුගිය ජූනි මස 15 වනදා ආරම්භ කෙරුණා.

එදින සිට ගත වූ දින 30ක් තුළ මෙම අයදුම්පත් 29579 ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අයදුම්කරු නම ලියාපදිංචි කිරීම් සඳහා, නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51න් ඕනෑම ස්ථානයකට පැමිණීම අවශ්‍ය වන අතර අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකුවේ ශාඛාවකට පැමිණීමෙන් අදාළ ගෙවීම් සිදු කළ හැකි වනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ක්‍රමය මත බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දීර්ඝ පෝලිම් ද අවසන් වී ඇති බවයි.