පාරටම රස්තියාදු වුණ කාලේ ඉවරයි - මෙරට සෑම රාජ්‍ය ආයතනයකින්ම ජනතාවට අලුතින්ම ලැබෙන වටිනා පහසුකම මෙන්න.
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Kanaka Herath
Government Of Sri Lanka
Technology
By krishani
සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ ය.
ඒ අද (12) පාර්ලිමේන්තුවේ දී ය.
ඒ (ගගන) අනුව මෙය එළඹෙන මාර්තු මාසය වන විට සිදු කිරිමට නියමිතයි.
මේ බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තාක්ෂණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ය.
මේ වන විට රාජ්‍ය ආයතන 14ක ඩිජිටල් මූල්‍ය ක්‍රමය ආරම්භ කර ඇති අතර Cyber Security පනත ලබන වසරේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.
ඒ සඳහා අධිකාරියක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SL CERT) හදිසි දුරකථන අංකය වන 101 ඔස්සේ අසාධාරණයට ලක් වන ඕනෑම අයෙකුට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.