හිස ඔසවමින් පවතින චීන නව කොරෝනා විකෘතිය ගැන WHO අනතුරු අඟවයි.

COVID-19 COVID-19 Vaccine World Health Organization Government of China China
By Wayomi Dec 22, 2022 08:14 AM GMT
Wayomi

Wayomi

in චීනය
Report

මේ වන විට චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති ‘කොවිඩ් 19’ නව උප ප්‍රභේදය ලෝකයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ඒ, අනුව දෛනිකව ‘කොවිඩ් 19’ ආසාදිතයන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වන බවත් සඳහන්.

චීනයේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ, එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සෞඛ්‍ය සීමා ලිහිල්කිරීමට රජය පියවර ගැනීමත් සමඟයි.

චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ උප ප්‍රභේදය මීට පෙර එනම් පසුගිය අගෝස්තු මාසයේ ඇමෙරිකාවෙන් මෙන්ම යුරෝපා රටවලින් ද වාර්තා වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, චීනයේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ චීන වැසියන් නිසි එන්නත්කරණයකට ලක් නොවුණු බැවිනි.

චීන වැසියන්ට ලබා දී ඇත්තේ චීනයේ නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත් පමණි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW