රුව රකින ලෙඩ සුව කරන ඔලිව් තෙල්..! ඔලිව් තෙල් වර්ග, සැඟවුණු ගුණ මෙන්ම ගුණාත්මක බව රැඳී ඇති කාලය ගැන දැන සිටියාද..? මෙය ඔබ කියවිය යුතුම ලිපියකි..!!!

health beauty heart disease Olive Oil
By Sewvandhi Mar 19, 2022 08:42 AM GMT
Sewvandhi

Sewvandhi

in රචනා
Report

ඔලිව් තෙල් කියන්නේ මිලෙන් ටිකක් වැඩි ඖෂධීය සංඝටක රැසක් අන්තර්ගත තෙල් වර්ගයක්. විශ්මිත ගුණ රැසකින් සමන්විත ඔලිව් තෙල් අපේ සිරුරේ අභ්‍යන්තර හා බාහිර යන දෙයාකාරයෙන්ම ප්‍රතිලාභ ලබාදෙන ස්වාභාවික තෙල් වර්ගයක් විදියට හදුන්වන්න පුළුවන්.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මග කියනවා සේම රූපලාවණ්‍ය සත්කාර වලදීත් ඔලිව් තෙල් වලට හිමි වන්නේ ඉහළම ස්ථානයක්. ඉදුණු ඔලිව් ගෙඩි යන්ත්‍රානුසාරයෙන් පොඩි කරමින් ලබා ගන්නා සාරයේ ඇති ජලය ඉවත් කරමින් තමයි ඔලිව් තෙල් ලබා ගන්නේ. අද කියන්න හදන්නේ කවුරුත් දන්නා ඔලිව් තෙල් වල සැගවුණු ගුණ කීපයක්.

ඔලිව් තෙල් වල සංයුතිය..

  80%ක්ම අඩංගු වන්නේ ඔලෙයික් අම්ලයයි,  විටමින් A,  විටමින් D,  විටමින් K,  විටමින් E ,විටමින් C

ප්‍රතිඔක්සිකාරක ඔලිව් තෙල් වල ප්‍රයෝජන

රුව රකින ලෙඩ සුව කරන ඔලිව් තෙල්..! ඔලිව් තෙල් වර්ග, සැඟවුණු ගුණ මෙන්ම ගුණාත්මක බව රැඳී ඇති කාලය ගැන දැන සිටියාද..? මෙය ඔබ කියවිය යුතුම ලිපියකි..!!! | Olive Oil

1.හිස්හොරි සදහා 

හිස්කබල වියළීම නිසා හිසේ සමේ ඇති වෙන රෝගී තත්වයක් විදියට හිස්සොරි හදුන්වන්න පුළුවන්.ලෝකයේ කෙතරම් තෙල් වර්ග තිබුණත් හිස්සොරි නැති කිරීම සදහා භාවිතා කරන්න පුළුවන් විශ්මිත තෙල් වර්ගයක් තමයි ඔලිව් තෙල් කියන්නේ. ස්නානය කිරීමට පෙර හිස්කබලේ ඔලිව් තෙල් ආලේප කර හොදින් සම්බාහනය කරන්න. විනාඩි 30කට පසු මෘදු ෂැම්පු එකක් භාවිතයෙන් හිස සෝදන්න.මෙම සත්කාරය සතියට දින 3ක් කරන්න පුළුවන් නම් ඔබට හිස්සොරි කරදරෙන් මිදෙන්න පුළුවන්.

2.හදවත් රෝග සදහා

ඔලිව් තෙල් ආහාරයට එකතු කර ගැනීම තුළින් ඔබගේ සිරුරේ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම සිදු වෙනවා. රුධිරයේ මේද උෂ්ණත්වය අඩු කරලා රුධිර ගමනාගමන ක්‍රියාවලියට උත්තේජනයක් ඔලිව් තෙල් මගින් ලබා දෙනවා. ඔලිව් තෙල් තේ හැදි දෙකක් දිනකට ඔබට ආහාරයට ලබා ගන්න පුළුවන් නම් ඔබගේ සිරුරේ ධමනිවල නම්‍යතාවයට එය වඩාත් ඉවහල් වෙනවා. ඔබට හෝ ඔබගේ පවුලේ කෙනෙක්ට හෘද රෝග තිබෙනවා නම් අද ඉඳලා ඔබගේ ආහාරයට ඔලිව් තෙල් එකතු කර ගන්න අමතක කරන්න එපා.

රුව රකින ලෙඩ සුව කරන ඔලිව් තෙල්..! ඔලිව් තෙල් වර්ග, සැඟවුණු ගුණ මෙන්ම ගුණාත්මක බව රැඳී ඇති කාලය ගැන දැන සිටියාද..? මෙය ඔබ කියවිය යුතුම ලිපියකි..!!! | Olive Oil

3.දියවැඩියාව සදහා

අද ලෝකයේ බෝ නොවන රෝග අතර ඉහළම ස්ථානයක් හිමි වෙලා තියෙන්නේ දියවැඩියාවටයි.ශරීරයට හිතකර සංතෘප්ත මේදය ඔලිව් තෙල්වල අන්තර්ගත බැවින් ඔබගේ සිරුරේ රුධිර ගත සිනි ප්‍රමාණය පාලනය කිරීමට ඔලිව් තෙල් වලට හැකියාව තියෙනවා.ඔබත් දියවැඩියාව රෝගයෙන් පෙළෙනවා නම් දිනපතා ඔලිව් තෙල් ආහාරයට එකතු කරගන්න උත්සහ කරන්න.

4.බර අඩු කරගැනීම සදහා

බර අඩු කර ගැනීම සඳහා ආහාර පිසීමට හොඳම තෙල් වර්ගයක් විදියට ඔලිව් තෙල් හදුන්වන්න පුළුවන් . නමුත් ආහාර පිසීමේදී ඔලිව්තෙල් එක් වරක් ඉහළ උෂ්ණත්වයකට රත් කළ පසු එහි ගුණ හානි වන බැව්න් නැවත නැවත එම තෙල් භාවිතා නොකළ යුතුයි .ඔලිව් තෙල් සෞඛ්‍ය සම්පන්න මේද වලින් පොහොසත් වන අතර හෘද වාහිනී රෝග හා පිළිකා වැළැක්වීමට ගොඩක් වැදගත්. ඒ වගේම කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට සහ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අවම කරන්න ද ඔලිව් තෙල් වලට පුළුවන්. 

රුව රකින ලෙඩ සුව කරන ඔලිව් තෙල්..! ඔලිව් තෙල් වර්ග, සැඟවුණු ගුණ මෙන්ම ගුණාත්මක බව රැඳී ඇති කාලය ගැන දැන සිටියාද..? මෙය ඔබ කියවිය යුතුම ලිපියකි..!!! | Olive Oil

 5.අත් වල වියළිබව සදහා

කාන්තාවන් බොහෝ දෙනා නිවෙස් වල වැඩ කිරීම නිසා අත් රළු සහ වියළි ස්වාභයට පත් වෙනවා. එයට හොදම ප්‍රතිකාර වන්නේ ඔලිව් තෙල් භාවිතා කිරීමයි. රාත්‍රි නින්දට පෙර අත් හොදින් උණුවතුරෙන් සෝදා ඔලිව් තෙල් ආලේප කිරීම මගින් ඔබට සුසිනිදු දෑතක් ලබා ගන්න පුළුවන්.

6.රෝම ඉවත් කිරීමෙන් පසු සිරුරේ අලංකාරණය සඳහා

සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම බොහෝ කාන්තාවන් සිදු කරනවා. රෝම ඉවත් කිරීමෙන් පසු ඇති වන වියළි බව වළකාගන්නට ඔලිව් තෙල් after shaving cream එකක් ලෙස ඔබට භාවිත කරන්න පුළුවන්. තියෙන්නේ රෝම ඉවත් කිරීමෙන් පසු දෑත සහ කකුල් හොදින් පිරිසිදු කර ඔලිව් තෙල් ආලේප කිරීම පමණයි.

රුව රකින ලෙඩ සුව කරන ඔලිව් තෙල්..! ඔලිව් තෙල් වර්ග, සැඟවුණු ගුණ මෙන්ම ගුණාත්මක බව රැඳී ඇති කාලය ගැන දැන සිටියාද..? මෙය ඔබ කියවිය යුතුම ලිපියකි..!!! | Olive Oil

7.රෝස දෙතොල් සදහා

තොල් කියන්නේ කාන්ත්වන්ගේ මුහුණේ සුන්දරත්වය ඉස්මතු කරන අංගයක්.තොල් ආලේපන භාවිතය ,තොල් වියළීම වගේ විවිධ හේතු නිසා අපේ දෙතොල් කළු වීමට තියෙන ඉඩකඩ වැඩියි.ඉතින් ඔබට පුළුවන් නම් දිනපතාම නින්දට පෙර දෙතොල් වල ඔලිව් තෙල් ආලේප කර සම්බාහනය කරන්න ඉතා ඉක්මනින් රෝස දෙතොලක් ලබා ගන්න ඔබට පුළුවන්. 

 8.සුන්දර දත් දෙපළක් සදහා

දත් වල ඇති අවපැහැය නැති කරන්නත් අපිට ඔලිව් තෙල් භාවිතා කරන්න පුළුවන්.දත් වල බැදී ඇති මැලියම් ඉවත් කර දත් වල අවපැහැය ඉවත් කිරීමට ඔලිව් තෙල් කියන්නේ දිව ඔසුවක්. දිනකට වරක් ඔලිව් තෙල් තේ හැදි 3 ක්‌ පමණ ගෙන කට හොදින් සෝදා ඉවත් කල යුතුය. මෙමගින් මැලියම් ඉවත් කර සුදු දත් පෙළක් ඔබටත් ලබා ගන්න පුළුවන්.

9.සම ආරක්ෂා කිරීම සදහා

ඔලිව් තෙල් වල විටමින් E සහ ප්‍රතිඔක්සිකාරක ගුණයන් අඩංගු වෙනවා. දිනපතා සමේ ඔලිව් තෙල් ආලේප කර සම්බාහනය කිරීම මගින් සම ආරක්ෂා කිරීම ,සම පැහැපත් කිරීම ,සම පිරිසිදු කිරීම වගේම සමේ තෙතමනත් ආරක්ෂා කරගන්න ඔබට පුළුවන්.

රුව රකින ලෙඩ සුව කරන ඔලිව් තෙල්..! ඔලිව් තෙල් වර්ග, සැඟවුණු ගුණ මෙන්ම ගුණාත්මක බව රැඳී ඇති කාලය ගැන දැන සිටියාද..? මෙය ඔබ කියවිය යුතුම ලිපියකි..!!! | Olive Oil

ඔලිව් තෙල් වර්ග

Extra-virgin olive oil Extra-virgin olive oil යනුවෙන් හඳුන්වන්නේ ඔලිව් ගෙඩි වලින් ලබා ගන්නා මුල්ම තෙල් වර්ගයටයි. මේ තෙල් වර්ගයට කිසිදු රසායනිකයක් එක් නොකරයි.

Virgin olive oil Virgin olive oil යනුවෙන් හඳුන්වන්නේ ඔලිව් ගෙඩි වලින් දෙවනුව ලබා ගන්නා තෙල් වර්ගයටයි. මේ තෙල් වර්ගයට කිසිදු රසායනිකයක් එක් නොකරයි.

Olive-pomace oil මෙය තුන්වනුව ලබා ගන්නා තෙල් වර්ගය වන අතර, එයට රසායනික ද්‍රව්‍ය එක් කරයි.

Refined olive oil මෙය ලබා ගන්නේ තෙල් පිරිපහදු කිරීමෙනි. මෙයටත් රසායනික ද්‍රව්‍ය යොදනු ලැබේ.

රුව රකින ලෙඩ සුව කරන ඔලිව් තෙල්..! ඔලිව් තෙල් වර්ග, සැඟවුණු ගුණ මෙන්ම ගුණාත්මක බව රැඳී ඇති කාලය ගැන දැන සිටියාද..? මෙය ඔබ කියවිය යුතුම ලිපියකි..!!! | Olive Oil

දැන් ඔබට තේරෙනවා නේද ඔලිව් තෙල් යනු කෙතරම් විස්මිත තෙල් වර්ගයක් ද කියලා. ඉතින් අද සිට ඔබත් ඔබේ ආහාර වේලට ඔලිව් තෙල් එකතු කරගන්න නම් අමතක කරන්න එපා.ඒ වගේම් තමයි ඔලිව්තෙල් ගබඩා කල යුත්තේ අඳුරු සිසිල් ස්ථානයකයි.

දිගු කාලයක් තද හිරු එළියට නිරාවරණය වීමෙන් මෙහි ගුණ අඩු සිදු වෙනවා.ඒ වගේම තමයි ප්ලිව් තෙල් වල නියමිත ගුණත්වය රැඳිලා තියෙන්නේ අවුරුදු එකහාමාරක් වැනි කාලයක් තුළයි.ඔලිව් තෙල් මිලදී ගැනීමේදී කල් ඉකුත් වීමේ දිනය වගේම නිෂ්පාදිත දිනය බලලා නිපදවා වැඩි කාලයක් ගත නොවුන නිෂ්පාදනයක් මිලදී ගන්නත් අමතක කරන්න එපා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now