වයස් ගත කාන්තාව සොරෙකු සමග පොර බැද සිදු කළ වීර ක්‍රියාව, විදෙස් මාධ්‍ය කැළබූ වීඩියෝව (VIDEO)

By Sithumi Feb 04, 2022 04:01 PM GMT
Report

ජ්‍යෙෂ්ඨ කාන්තාවකගේ නිර්භීත ක්‍රියාවක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනවා. කැනඩාවේ සුපිරි වෙළඳසැලක 73 හැවිරිදි කාන්තාවක් සාප්පු සවාරි යමින් සිටියා.

එම අවස්ථාවේ එහි සිටි අයෙක් භාණ්ඩ සොරකම් කර පිටව යාමට උත්සාහ කළා කෙසේ වෙතත්, ඔහුව නැවැත්වූ කාන්තාව එම පුද්ගලයාගේ වෙස්මුහුණ ඉවත් කර භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

  මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි ලෙස පැතිර ගොස් තිබේ. මම හොරාගේ වෙස් මුහුණ ගලවා ගත් පසු ඔහු එතැනින් බයිසිකලයෙන් පැන ගිය බව කාන්තාව සඳහන් කළා. ඉන් අනතුරුව එම කාන්තාවගේ නිර්භීත ක්‍රියාව පිළිබඳව බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now