රුසියානු ජනපති පුටින්ගේ මූණටම බැණ වැදුණු සෙබලාගේ කතාව. ඔහුට කුමක් වෙන්න ඇතිද..

Russo-Ukrainian War Ukraine Russian Federation Russia
By Sithumini Jul 20, 2024 06:04 PM GMT
Sithumini

Sithumini

in ලෝකය
Report


පසුගියදා රුසියානු යුක්‍රේන පෙරමුණට සම්බන්ධ වීමට අවසර ලබා නොදීමෙන් කෝපවූ හමුදා ප්‍රවීණයෙකු පසුගියදා රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්ට බැණ වැදී තිබුණා.

ඒ මොස්කව් නුවර ශාන්ත කැතලික් ශාලාවෙ පැවති පදක්කම් ප්‍රදානය කිරීමේ අවස්ථාවකදි. මෙහිදී මෙම එක් සෙබලෙකුට පදක්කම් ප්‍රදානය කිරීමෙන් අනතුරුව එම සෙබලා ඔහුට යම් ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබුණා.

අනතුරුව ඔහු එම ප්‍රකාශයේදි ජනපති පුටින් විවේචනය කර තිබුණේ කව්රුත් නොසිතූ අකාරයෙන්. මේ සිදුවීම නිසා ප්‍රේක්ෂකයන් පවා මවිතයට පත්ව තිබුණා.

ඔබට හිතාගන්නට පුළුවන්ද මේකට හේතුව කුමක් වෙන්නට ඇතිද? මේ ප්‍රවීණ සෙබලගෙ වයස අවුරුදු 101ක් නමුත් ඔහුට රුසියානු යුක්‍රේන පෙරමුණට බැදෙන්න අවශ්‍ය වෙලා.

නමුත් ඔහුට අවසර ලැබිලා නෑ. නමුත් විශේෂ ආරක්ෂණ මෙහෙයුම් සදහා වයස අවුරුදු 60ට වැඩි පුදලයයින් බදවා ගන්නේ නැහැ කියලා ආර්ක්ෂක ප්‍රධානීන් ඔහුට පවසලා තිබුණා. ඉතින් ඔහු වයස 101ක් වුණත් තාමත් ඉතාමත්හොද ශරීර වගේම මානසික තත්වයකින් ඔහු ඉන්නවා.

ඒ නිසාම ඔහුගේ නිකරුණේ නිවසේ ගෙවෙන කාලයෙන් වැඩක් කිරීමට අවශ්‍ය වුණත් ඊට අවස්ථාවක් නොලැබීම නිසා තමයි ඔහු එලෙස සිදු කර තිබුණේ. කොහොම වුණත් ජනපති පුටින් පවා ඔහුගේ නොසැලෙන උත්සාහය අගය කර තිබෙනවා.