සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුවාට ගිනි තැබූ, සැකකරු අත්අඩංගුවට
මහනුවර ප්‍රදේශයේ දී 2022 සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ සිසුවෙකුගේ සිරුරට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේ සැකකරු අම්පිටිය දඹවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.
මෙලෙස ගිනිතැබීම හේතුවෙන් තුවාළ ලබා ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ අදාළ සිසුවා මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි. විභාග ප්‍රතිඵල දැනුම්දීම සඳහා පසුගිය සෙනසුරාදා රාත්‍රී ඥාති නිවසකට ගොස් යළි පැමිණෙමින් සිටියදී තවත් පුද්ගලයෙකු සමග බහින් බස් වීමක් සිදුව තිබේ.
එහිදී අදාළ පුද්ගලයා විසින් සිසුවා වෙත භූමිතෙල් වත්කර ගිනි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය. ගින්නෙන් සිසුවාගේ ශරීරයේ හිසට පහළින් කොටස් පිළිස්සීමට ලක්ව මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු වන මෙම සැකකරු කොල්ලකෑම් චෝදනා එල්ල වූ අයෙකු බවටද අනාවරණය වී ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |