සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය හා උසස් පෙළ විභාගය ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්..
Ministry of Education
A D Susil Premajayantha
Sri Lanka
G.C.E.(A/L) Examination
G.C.E. (O/L) Examination
By Sewvandhi
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසන්නේ, 2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වන බවය.
මේ අතර, දීපවාලි දිනය සැමරීම වෙනුවෙන් නොවැම්බර් මස 13 වන සඳුදා දින රට පුරා ඇති දෙමළ පාසල්වලට නිවාඩු ලබාදී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එම නිවාඩුව වෙනුවට 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවය.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙසේ නිවාඩු ලබාදෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ බව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත දැනුම් දී ඇති බවයි.