සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණියට - විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.
Ministry of Education
Bandula Gunawardane
Sri Lanka Politician
Sri Lanka
Education
By krishani
ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කළේ ය.
ඒ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ය.
මුල් කාලයේ දී සාමාන්‍ය පෙළ විභාගය පැවැත් වූයේ 10 ශ්‍රේණියේ දී වුව ද පසු කලෙක එය 11 වසර දක්වා වසරකින් දිගු විය.
මේ වනවිට 10 ශ්‍රේණියේ දී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම කාර්යය එක්වර සිදුකළ නොහැකි බවත් 1, 6 හා 10 ශ්‍රේණිවලින් ආරම්භ වන සේ ප්‍රාථමික, කණිෂ්ඨ ද්විතීයක සහ ජ්‍යෙෂ්ඨ ද්විතීයක වශයෙන් වූ වර්ගීකරණ අවස්ථා තුනක් යටතේ සිදුකිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.