සාමාන්‍ය පෙළ කල් යයි..? අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..!

Ministry of Education A D Susil Premajayantha Sri Lanka Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination
By Sewvandhi Mar 13, 2023 09:03 AM GMT
Report

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කලේ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට කල්යාමට ඉඩකඩ පවතින බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් පමා වීම නිසා සාමාන්‍යයෙන් විභාග දෙකක් අතර පැවතිය යුතු මාස තුනක පමණ කාල පරතරය අඩු වීමෙන් එලෙස විභාගය කල් යා හැකි බවය.

"උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ප්‍රමාද වන තරමටම ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙනවා. ඒ කාල ප්‍රමාණයෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම එහාට යන්න ඉඩ තියෙනවා."

ප්‍රශ්නය - ඒ කියන්නේ දැනට මැයි මාසයේ විභාගය පවත්වන්න දාගෙන ඉන්නවා නේ. ඒ කාලය වෙනස් වෙයි ද?

"වෙනස් වෙන්න පුළුවන් උත්තර පත්‍ර සමීක්ෂණය කල් ගියොත්. විභාග දෙකක් අතර කාල පරාසය මාස තුනක්වත් අවශ්‍ය වෙනවා. විභාග දෙපාර්තමේන්තුවට ඊළඟ විභාගය පවත්වන්න."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. 

වැඩි විස්තර..