සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් ලැබුණු නවතම ආරංචිය මෙන්න..
2021 (2022) අපොස සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර ඇගයීම් සඳහා ගෙවනු ලබන ගාස්තු සංශෝධනය කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල්, එල්.එම්.ඩී ධර්මසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සිදුකරනු ලබන පරීක්ෂණ මණ්ඩල සඳහා එක් උත්තර පත්‍රයක් සඳහා ගෙවන ගාස්තුව සංශෝධනය කිරීමට දැනටමත් තීරණය කර ඇත.
එසේම පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල හා උත්තරපත්‍ර පරීක්ෂණවරුන්ට ගෙවනු ලබන දෛනික වියදම් සංශෝධනය සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.
එමෙන්ම 2022.06.10 වන දින අමාත්‍යවරයා හා වෘත්තීය සමිති සංවිධාන සමග පැවති සාකච්ඡාවේ දී සිදුකරන ලද ඉල්ලීම සලකා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා තමන්ට උපදෙස් ලබාදුන් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් නිවේදනය කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |