සාමාන්‍ය පෙළ අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්..!
ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රවාහනයට බාධා ඇතත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවලදී අවහිරතාවයකින් තොරව සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි ධර්මසේන මහතා පවසයි.
කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරු දෙගුරුන් දැනුවත් කිරීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. ඒ සඳහා සිසු සැරිය හා අතිරේක බස් යෙදවීමට ලංකා ගමන ගමන මණ්ඩලය තීරණය කර ඇත.
එසේම සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට සහ ඒමට සාමාන්‍ය දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව ආරක්ෂාකාරීව පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, පොලීසියේ හා ත්‍රිවිධ හමුදා සහය ලබා ගැනීමට ද නියමිතව ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ අර්බුදකාරී පරිසරය මධ්‍යයේ වුවත් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මෙම මස 23 (සඳුදා) දින සිට ජුනි 01 වන දා දක්වා පැවැත්වීමට අවශ්‍ය සියල්ල සුදානම් බවය. මේ අතර විභාගය වෙනුවෙන් පැවැත්වෙන දේශන හා උපකාරක පන්ති ලබන 20 වන දා මධ්‍යම රාත්‍රී 12න් අවසන් කල යුතු බවද එහිදී කොමසාරිස්වරය පැවසීය.
විභාගයට අවශ්‍ය කඩදාසි ඇතුළු වෙනත් ද්‍රව්‍ය දැනටමත් විභාග මධ්‍යස්ථාන වෙත යොමුකරමින් පවතින අතර විභාග ප්‍රශ්න පත්‍ර ඉදිරියේදී යැවීමට නියමිතව තිබේ. විභාග ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වනවිටත් නිකුත්කර ඇති අතර පාසල් අයදුම්කරුවන්ට තම ප්‍රවේශ පත්‍රය පාසලෙන් ලබා ගත හැකියාව ඇත.
පෞද්ගලික අයැදුම්කරුවන්ට ප්‍රවේශ පත්‍රය ප්‍රමාද වී ඇත්නම් එයට අදාළ දත්ත ඇතුලත් කොට අධ්‍යාපන දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකියාව ඇත. විභාගයට පෙනී සිටීම සඳහා ප්‍රවේශ පත්‍රය හා වලංගු හැඳුනුම්පතක් අනිවාර්ය අතර ප්‍රවේශ පත්‍ර ලැබුණු සැනින් එය නිවැරදි දැයි පරීක්ෂා කරගත යුතු බවද කොමසාරිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
එහි යම් සංශෝධනයක් වියයුතු නම් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් සංශෝධනය කර ගත යුතුය. අනතුරුව සංශෝධිත පිටපත මුද්‍රණය කර, එය ප්‍රවේශ පත්‍රයට අමුණා විභාග ශාලාධිපතිට ඉදිරිපත් කර විභාගය සඳහා පෙනී සිටීමට හැකියාව පවතී.
කොවිඩ්-19 වසංගතය තවමත් සම්පූර්ණයෙන්ම තුරන්ව නොමැති වීම හේතුවෙන් විභාග මධ්‍යස්ථානවලදී සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද පිළිපැදිය යුතුය. කොවිඩ්-19 ඇතැයි තහවුරු වූ අපේක්ෂකයෙකුට විභාග මධ්‍යස්ථානයේම විශේෂ කාමරයක් තුළ විභාගය ලිවිය හැකිය.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 590 ක් මෙවර අයැදුම් කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසේ. මෙවර සාමන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් 407129 ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 11036 ක් ඇතුළු සමස්ත අයැදුම්කරුවන් 517496 ක් පෙනී සිටිති. එසේම විභාග මධ්‍යස්ථාන 3844ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542 ක් පිහිටුවා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |