විදුලි කප්පාදුව අවසන්...ඉන්ධන හිඟයත් ඉවරයි..තෙල් මිලත් වාර්තාගත ලෙස ඉහළයයි..

Sri Lanka Political Power cut Gemini lokuge Oil problem
By Aruna Mar 07, 2022 07:32 AM GMT
Report

තව දුරටත් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරනවා.

ඒ අනුව ඉදිරියේදී විදුලි කප්පාදුවකින් තොරව රට පවත්වාගෙන යා හැකි වනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ඉන්ධන හිඟතාවය එලැඹෙන බදාදා දින වන විට අවසන් වනු ඇති බවත් පැවසූ ඔහු මේ වන විටත් අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් ඉන්ධන පිරවුම්හල් වෙත යවමින් ඇති බවද ප්‍රකාශ කළා.

ඉන්දියාවෙන් ලබාදෙන ණය පහසුකම් යටතේ ඉන්ධන තොග මාර්තු 15 වැනි දින සිට ලැබෙනු ඇති බවද පැවසූ ඔහු එතැන් සිට ඉන්ධන හෝ විදුලි බල හිගයක් ඇති නොවණු ඇති බවටයි කියා සිටියේ.

මේ අතර ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 129.78 ක් දක්වා ඉහල ගොස් ඇති අතර 9.9%ක වැඩිවීමකි.

2008 වසරෙන් පසු වාර්තා වූ ඉහළම මිල මෙයයි. WTI බොර තෙල් බැරලයක් ඩොලර් 126.51 ක් දක්වා ඉහල ගොස් තිබේ.

මෙලෙස දිගින් දිගටම බොරතෙල් මිල ඉහළ යාම ඉදිරියේදී ශ්‍රී ලංකාවට ප්‍රබල ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවන බවටයි විචාරකයින් පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now