දින 06 කදී 05 වන වරටත් ඉන්ධන මිල ඉහළ ගිය හැටි මෙන්න..
ගෝලීය බලපෑම් මත ඉන්දියාවේ ඉන්ධන මිල ගණන් ද මේවනවිට සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේද එරට පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.
ඊයේ දිනයේ සිදුවූ මිල ඉහළ යාමත් සමග දින 06 ක් තුළ අවස්ථා 05 කදී ඉන්දියාවේ ඉන්ධන මිල ගණන් ඉහල ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා අවධාරණය කරයි.
ඊයේ දිනයේදී ඉන්දියාව තුළ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ ගොස් ඇත්තේ ශත 50 කින්. ඩීසල් ලීටරයක මිල ශත 55 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඉකුත් 22 වනදා සිට ගතවු දින 06 තුලදී ඉන්දියාව තුළ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 යි ශත 70 කින් ඉහළ ගොස් ඇති අතර ඩීසල් මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 3 යි ශත 75 කින්.
ඒ අනුව දිල්ලි ප්‍රාන්තයේ පෙට්‍රල් ලීටරයක නව මිල ඉන්දීය රුපියල් 99 යි ශත 11 ක් වනවා.
එම ප්‍රාන්තය තුල ඩීසල් ලීටරයක් අලෙවි වන්නේ ඉන්දීය රුපියල් 90 යි ශත 42 කටයි. මේ අතර ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ගණන් ද ඊයේ දිනයේදී ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 120 ක් ලෙසයි.
අමෙරිකානු බොරතෙල් බැරලයක මිල ඩොලර් 114 ක් ලෙස සටහන් වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |