යලිත් පෙට‍්‍රල්-ඩීසල් මිල වැඩි කරයිද?... ඩීසල් ලීටරයක් 88කින්..ඉතිහාසයේ වැඩිම මිල ඉහළ යාම..

Sri Lanka Oil prices more S. B Disanayake Petrol prices
By Aruna Mar 09, 2022 10:55 PM GMT
Report

බොරතෙල් තෙල් මිල මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති නිසා මෙම වසරක් දුෂ්කර වසරක් වන බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරනවා.

මේ වන විට ඩීසල් ලීටරයකින් ලබන පාඩුව රුපියල් 88ක් බවද පැවසූ ඔහු ඒ නිසා ඩීසල් හා පෙට්‍රල් මිල වැඩිකළ යුතු බවද පැවසීය.

එම මිල වැඩි වීම ජනතාව තමනට ලැබෙන ආදායම අනුව කළමණාකරණය කිරීමට දැනගත යුතු බවද හෙතෙම සදහන් කළා.

කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

මෙලෙස ඩීසල් 88කින් ඉහළ ගියහොත් මෙරට ඉතිහාසයේ වැඩිම තෙල් මිල ඉහල යාමේ වාර්තාවක්ද බවට මෙය පත්වනවා.

මේ අතර රට තුළ උද්ගත වී ඇති විදුලි සහ ඛනිජ තෙල් අර්බුදය ලබන සදුදා හෝ අඟහරුවාදා වන විට අවසන් වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඊයේ (9) පැවසීය.

රට සතුව මේ වන විට ඉන්ධන මෙට්‍රික්ටොන් 20,000 ක සංචිතයක් ඇති අතරම ඉන්ධන මෙට්‍රික්ටොන් 32,000 ක නැවකින් ගොඩබාමින් සිටින බව කී අමාත්‍ය ලොකුගේ මහතා සෑම නගරයකම පිරවුම්හල්වලට ඉන්ධන සපයමින් තිබීම නිසා ලබන සිකුරාදා හෝ සෙනසුරාදා වන විට පිරවුම්හල්වල පොලිමේ නොසිට ඉන්ධන ලබාගත හැකි තත්වයට පත්වනු ඇති බවට විශ්වාස කරන බව ද සඳහන් කළේය.

විදුලබල මණ්ඩලයට බලාගාර පවත්වාගෙන යෑමට අවශ්‍ය ඩිසල් සහ දැවි තෙල් ලබාදී තිබෙන නිසා විදුලිය කැපීම ක්‍රමානුකූලව අඩු කිරීමට හැකි වේ යැයි බලාපොරොත්තු වූ බවත් මේ මස 5 වැනිදා සිට විදුලිය කැපීම නැති වෙලා කියලා කිව්වත් තවමත් සමහර ස්ථානවල පොඩි පොඩි විසන්ධි කිරීම් ඇති බවත් අමාත්‍ය ලොකුගේ මහතා කීය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවේදී බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා එසේ පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now