ඉන්ධන මිල යළිත් වැඩි කරයි?..අලුත්ම තීරණය මෙන්න.
බලශක්ති අමාත්‍යංශයෙන් නිවේදනයක් මේ මොහොතේ ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක චාමින්ද හෙට්ටිආරච්චි මහතා පවසනවා.
ඒ මහතා පැවසුවේ, ජනතාව මුහුණ දෙන පීඩාකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.
මේ වන විට රට තුළ පවතින ඉන්ධන තොග සලකා බැලූ විට එම ප්‍රමාණය ඉදිරි සතියක කාලයක් සදහා ප්‍රමාණවත් බවද චාමින්ද හෙට්ටිආරච්චි මහතා කියා සිටියා.
කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 18ක් ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක් ද පාඩුවක් ලබන බවයි.
එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 52ක, සුපර් ඩිසල් ලීටරයකින් රුපියල් 35ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 63ක පාඩුවක් ලබන බවද එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක පෙරේදා (25) මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා අයි.ඕ.සී සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දැමූ බව එම සමාගම නිවේදනය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |