ඉන්ධන මිල අඩු කරන බවට දැනුම් දීමක්..ජනතාවටත් විශේෂ පණිවුඩයක්..
මෙරට ඉන්ධන මිල ඉදිරියේදී පහත බසිනු ඇති බවත් ඒ අනුව ඉන්ධන තොග රැස්කරගෙන සිටින ජනතාවට අති විශාල පාඩුවක් දරා ගැනීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය කාලයේ ලාභ ලබමින් ජනතාවට ඉන්ධන නිකුත් කිරීමෙන් වුණු අලාභය පියවා ගැනීමෙන් පසු නුදුරේදීම ඉන්ධන සහන ලබාදීමට රජය කටයුතු කරන බව ද ඔහු පවසයි.
අවශ්‍ය ඉන්ධන තොග කිසිදු හිගයකින් තොරව මේ වන විට රට තුළ පවතින බවත් ජනතාව ඉන්ධන එක්රැස් කර ඒවා නැවත විකිණීමේ ව්‍යාපාරයක් කිරීම හේතුවෙන් ඉන්ධන නොමැති තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ඔහු සදහන් කළා.
වෙනදාට දින දෙකකට ප්‍රමාණවත් ඉන්ධන බවුසරයක් අද පැය හතක් තුළ අවසන් වන බව ද පැවසූ ඔහු වෙනදාට ඉන්ධන ලීටර 50ක් මිලට ගන්නා අයෙක් අද වන විට ලීටර් 250 දිනකට රැස් කරමින් සිටින බවද පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
මේ අතර ඉදිරියේදී මෙරට ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කිරීමට හැකියාවක් ලැබිය හැකි බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවෙමින් පවතින බැවින් මෙරට ජනතාවට එහි වාසිය ලබාදිය හැකි බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
“තෙල් මිල අඩුවෙලා නෑ. තෙල් මිල වැඩි කිරීමේදී අපි ගණනය කළේ පෙබරවාරි මිල ගණන්.
මාර්තු මාසයේ තමයි බැරල් එකක් මිල ඩොලර් 130 දක්වා වැඩි වුණේ. යුද්ධය නිසා. දැන් ඒක 98ට බැහැලා තියෙනවා.”
“නමුත් ඉදිරියේදී තෙල් මිල විශාල වශයෙන් අඩු වුණොත් අපි එය අඩු කරන්න ලෑස්තියි.”
“මේ මාසේ අවසන් වෙනකොට බොර තෙල් ලංකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡා කරගෙන යනවා.
ටොන් 90,000ක නැවක් දෙකක් ගෙන්වා ගන්න පුළුවන් වෙයි.
සිංහල අලුත් අවුරුද්දට තදබල තෙල් හිඟයක් ඇතිවෙන්නෙ නෑ.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |