රට පුරා සියලුම ඉන්ධන පිරවුම් හල් වලට දැනුම් දීමක්..රටටම සුබ ආරංචියක්.
ඉන්ධන ලබා දීම සඳහා ලබාදුන් ඩොලර් මිලියන 500ට ණය පහසුකම ඉහල නංවා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ඉන්දියාව එකඟ වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ඉන්ධන මිළ දී ගැනීම සඳහා ලබා දීමට එකඟතාවය පළ කළ ඩොලර් මිලියන 500ක ණය පහසුකම ඩොලර් මිලියන 750 ක් දක්වා ඉහළ දමා තිබෙන බවටයි පැවසෙන්නේ.
මේ වන විට එම කටයුතුවලට අවශ්‍ය කටයුතු අවසන් කරමින් පවතින බවද වාර්තාවේ.
මෙම ඉල්ලීම කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා කොළඹදී හමුවූ අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 500 ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වනවා.
මේ අතර ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳ තමා දැනුවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
ඒ පිළිබඳ තමා ව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකථන අංකය ද මාධ්‍යයට ඉදිරිපත් කළා.
ඒ අනුව 077-7414241 යන දුරකථන අංකය මඟින් අදාළ ප්‍රශ්නය ගැන තමාව දැනුවත් කරන ලෙසත් ඒ අනුව එම ගැටලු විසඳීම වෙනුවෙන් තමා මැදිහත් වන බවත් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
ලබන සතිය වනවිට ඉන්ධන හිඟයට විසඳුම් ලැබෙන බවයි ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ලොකුගේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මේ අතර ඊයේ (29) සවස ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළා.
එනිසා 30-31 එනම් අද හා හෙට ඩීසල් ගැනිම සදහා පිරවුම්හල්වල පෝලිමේ නොසිටින්නැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාතාව ජනතාවට දන්වා සිටී.
එසේ වුවද අත්‍යවශ්‍ය සේවාවන් සඳහා උවමනා කරන ඩීසල් අඛණ්ඩව සපයන බවද සංස්ථාව පවසයි.
නමුත් පෙට්‍රල් බෙදා හැරීම කිසිදු හිඟයකින් තොරව සාමාන්‍ය පරිදි සිදුකරන බවද සංස්ථාව තව දුරටත් අවධාරණය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |