රජයේ මුදල්වලින් දුවගේ මගුල ගත් රාජ්‍ය නිලධාරිනිය..
මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියක් දෙපාර්තමේන්තුවට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51 ක මුදලක් නගර සභා ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයට වියදම් කිරීමට රැගෙන ගිය බව කියන චෝදනාවක් මත පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මීට මසකට පෙර නගර සභාවේ ගණකාධිකාරිවරයා ඇතුළු පිරිසක් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ නමුත් සිද්ධියෙන් මාසයකටත් වැඩි කාලයක් ගතවන තෙක් ම සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වූ බව ද වාර්තා වේ.
අඩංගුවට ගත් සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 01 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇති අතර මේ වනවිට වැඩ තහනමට ලක් ව සිටින නිලධාරිනිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අත්පත්තු මහත්මියගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් පවත්වනවා.