අති සුඛෝපභෝගී "ඕෂන් ඔඩිසි" කොළඹ වරායට..
අමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් "ඕෂන් ඔඩිසි" නෞකාව අද (18) දින දහවල් කොළඹ වරායට සේන්දු වී තිබේ. අමෙරිකානු සමාගමකට අයත් එම නෞකාව දිගින් මීටර් 105 හා පළලින් මීටර් 18.5 ක් වේ.
ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණි මෙම නෞකාව හෙට (19) දින ත්‍රිකුණාමලය වරාය දක්වා යාත්‍රා කිරීමට නියමිතය.
මෙම නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ වරායේ බැස දින දෙකහමාරක් පමණ කොළඹ, කුරුණෑගල, හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සුඛෝපභෝගී බස්රථ මගින් සංචාරය කර 21 දින ත්‍රිකුණාමලය වරායෙන් නැවට නැගීමට නියමිත බව "ඩෙව් මරයින්" නාවික ඒජන්ත සමාගම අවධාරණය කරයි.
ඉන්පසු මෙම "ඕෂන් ඔඩිසි" නෞකාව දෙසැම්බර් 21 දින රාත්‍රි 7.00 ට ත්‍රිකුණාමලය වරායේ සිට තායිලන්තය දක්වා යාත්‍රා කිරීමට නියමිතය.
මෙම නෞකාව ප්‍රථම වරට කොළඹ වරායට පැමිණීම සනිටුහන් කරමින් චාරිත්‍රානුකූල සමරු එලක හුවමාරු කරගැනීම වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ නෞකාව කපිතාන්වරයා අතර සිදුවිය.
එම අවස්ථාවට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන්, වරාය අධිකාරියේ සහ නාවික ඒජන්ත සමාගමේ නිලධාරීන් පිරිසක් සහභාගි විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |