අසභ්‍ය ප්‍රකාශනයක් ළඟ තබාගෙන සිටීම වරදක් ද?

Law and Society Trust Sri Lanka
By Wayomi Jun 03, 2022 11:24 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අසභ්‍ය ප්‍රකාශනයක් හෝ දර්ශන කියන්නේ සමාජයේ වැඩිපුර කතාබහට ලක්වන මාතෘකාවක්. ඉතින් මේ කතා කරන්න හදන්නේ අසභ්‍ය ප්‍රකාශනයක් සන්තකයේ තබාගැනීමේ නීතිමය පසුබිම ගැනයි.

අසභ්‍ය ප්‍රකාශනයක් සන්තකයේ තබා ගැනීම යන්නෙන් අදහස් වනුයේ කිසියම් අසභ්‍ය ප්‍රකාශනයක්, තම ජංගම දුරකථනයෙහි හෝ පරිගණකයේ download කර තබා ගැනීම සහ/හෝ මුද්‍රිත පිටපතක් හෝ ලියන ලද හෝ අදින ලද ලියවිල්ලක් වශයෙන් ළඟ තබා ගැනීමයි. ඒ යටතේ බොහෝ අවස්ථාවන්හිදී අධිකරණයන් ඉදිරියෙහි ඉහත කී අසභ්‍ය ප්‍රකාශන අතුරින් නිරුවත් ඡායාරූප හා වීඩියෝ ළඟ තබා ගැනීමට අදාලව පුද්ගලයින් පොලිස් නිළදාරින් විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනු ලබනවා.

අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වන වැරදිවලට අදාලව සංශෝධිත පරිදි වූ 1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතෙහි සඳහන් ප්‍රතිපාදන.

?️  ඒ යටතේ කරුණු සලකා බැලීමේදී ඉහත කී අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත 1983 අංක 22 දරණ පනත මගින් හා 2005 අංක 12 දරණ දඩ මුදල් වැඩි කිරීමේ පනත මගින් සංශෝධනවලට ලක්ව තිබෙනවා.

ඒ යටතේ වන වැරදි,

?️ වෙළඳාම පිණිස හෝ වෙළඳාමක් වශයෙන් හෝ බෙදා හැරීම සඳහා හෝ මහජන ප්‍රදර්ශන සඳහා හෝ දක්වා ඇති හෝ දක්වා නොමැති කාර්ය සඳහා හෝ අසභ්‍ය ලියවිලි, චිත්‍ර, මුද්‍රිත ඡායාරූප, සිතුවම්, මුද්‍රිත ද්‍රව්‍ය, පින්තූර, විශාල දැන්වීම්,ලාංඡන, ඡායාරූප, සිනමාපටි,රූපවාහිනී කැසට්පට හෝ වෙන යම් අසභ්‍ය දේ සෑදීම, නිෂ්පාදනය කිරීම හෝ තමා සන්තකයේ තබා ගැනීම,

?️ එම අසභ්‍ය ද්‍රව්‍ය හෝ දේ අතුරින් කිසිවක් ආනයනය කිරීම, ගෙනයාම හෝ අපනයනය කිරීම හෝ ඒවා ආනයනය කිරීමට,ගෙන යාමට හෝ අපනයනය කිරීමට සැලැස්වීම හෝ කවර ලෙසකින් හෝ ඒවා සංසරණයට පත් කිරීම,

?️ එම අසභ්‍ය ද්‍රව්‍ය හෝ දේ අතුරින් කිසිවක් හා සම්බන්ධ පොදු වූ හෝ පෞද්ගලික වූ හෝ ව්‍යාපාරයක් කර ගෙන යාම හෝ ඊට සහභාගි වීම නැතහොත් කවර ලෙසකින් හෝ එකී ද්‍රව්‍ය හෝ දේ පිළිබඳව කටයුතු කිරීම හෝ ඒවා බෙදා හැරීම හෝ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම හෝ ඒවා අතමාරුවට දීමේ ව්‍යාපාරයක් කිරීම,

?️ එලෙස දඞුවම් කළ හැකි සංසරණය හෝ ‍වෙළඳාම සඳහා අධාර කිරීමේ අදහස ඇතිව දඞුවම් කළ හැකි ඉහත සඳහන් කළ ක්‍රියාවන්ගෙන් යම් ක්‍රියාවක් හෝ යම් තැනැත්තෙකු යෙදී සිටින බව කවර ලෙසකින් හෝ ප්‍රචාරය කිරීම හෝ දැනුම් දීම හෝ අසභ්‍ය ද්‍රව්‍ය හෝ කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් සම්පාදනය කිරීම සහ ඉහත සඳහන් කළ වැරදි සඳහා ශ්‍රී ලංකාව තුලදී හෝ ඉන් පිටතදී අධාරදීම වැරදියි. 


නමුත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 286(අ) සහ 287 වගන්ති යටතේ වන අසභ්‍ය ප්‍රකාශන වලට දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන පරිදි කිසියම් අසභ්‍ය ප්‍රකාශනයක් වෙළඳාම,බෙදාහැරීම,මහජන ප්‍රදර්ශනය සහ/හෝ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම,කුලියට හෝ අතමාරුවට දීම (lending), ප්‍රචාරය කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් වන කිසිදු කටයුත්තකින් සහ/හෝ ක්‍රියාවකින් තොරව යම් පුද්ගලයෙකු භාරයේ එම අයගේ පුද්ගලික පරිහරණය(භාවිතය) තුල පැවතීම, එනම් ළඟ තබා ගැනීම අප රටෙහි නීතිය ප්‍රකාරව වරදක් වන්නේ නැහැ.  


පොලිස් නිලධාරීන්හට යම් පුද්ගලයෙකුගේ ජංගම දුරකථන, ටැබ්,ලැප්ටොප්,ස්මාර්ට් වොච් හෝ පරිගණක, අසභ්‍ය ප්‍රකාශන පවතින්නේදැයි යන්න සම්බන්ධයෙන් පරික්ෂා කිරීමේ අරමුණින් භාරයට ගෙන පරික්ෂා කිරීමට බලයක් තියෙනවද?

?️  ඒ යටතේ කරුණු සලකා බැලීමේදී,අසභ්‍ය ප්‍රකාශනයක් හුදු සන්තකයෙහි (mere possession) තබාගෙන සිටීම, වර්ථමානයේ ශ්‍රී ලංකාවෙහි බලාත්මක පවතින නීතිය ප්‍රකාරව වරදක් නොවන බැවින්, එලෙස අසභ්‍ය ප්‍රකාශන පවතින්නේදැයි සොයා බැලීමේ අරමුණින් කිසිදු පුද්ගලයෙකුගේ පුද්ගලික උපාංග වන ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප්, ස්මාර්ට් වොච් හෝ පරිගණක පරික්ෂා කිරීමේ කිසිදු නෛතික බලයක් පොලිස් නිලධාරීන් සතු නැහැ.

?️  ඒ අනුව, අසභ්‍ය ප්‍රකාශන සන්තකයේ තබා ගෙන සිටින බවට වන පදනම යටතේ යම් පුද්ගලයෙකු සතු මෙවලම් හෝ යම් ආයතනයක පරිශ්‍රයක් සෝදිසි කිරීම පිණිස වරෙන්තුවක් ලබා ගැනීම සඳහා එලෙස අදාල අසභ්‍ය ප්‍රකාශන සන්තකයේ දරා සිටිනුයේ වෙළඳාම,බෙදා හැරීම,මහජන ප්‍රදර්ශනය සහ/හෝ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම, කුලියට දීම,අතමාරුවට දීම, ප්‍රචාරණය කිරීම සැපයීම හෝ වෙනත් කාර්යයක් (එය කුමක්දැයි සම්බන්ධව නිශ්චිතව කරුණු දැක්විය යුතුය.) සඳහා වන බවට මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ කරුණු තහවුරු කළ යුතු වන අතර ඒ යටතේ ළඟ තබාගෙන සිටීම මත පමණක් එවැනි සෝදිසි වරෙන්තු ලබාගත නොහැකියි.  



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now