බැරැක් ඔබාමාගේ සූපවේදියා මිය යයි.

Barack Obama United States of America Accident Death
By krishani Jul 25, 2023 12:56 PM GMT
Report

හිටපු අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ පෞද්ගලික සූපවේදියෙකු වූ Tafari Campbell මැසචුසෙට්ස්හි නිවස අසල දී මියගොස් තිබෙනවා.

ඒ paddle boarding නමැති ජල ක්‍රීඩාව අතරතුර සිදු වූ අනතුරකින් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

45 හැවිරිදි ඔහු 2016 වසරේ දී ඔබාමා ධූරයෙන් ඉවත් වූ පසුවත් ඔහු ළඟ රැඳී සිට තිබෙනවා.

එම මරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා කණගාටුව ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, මරණය සම්බන්ධයෙන්  මැසචුසෙට්ස් ප්‍රාන්ත පොලිස් රහස් පරීක්ෂක ඒකකය පරීක්ෂණ පවත්වමින් සිටියි.