විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ දැනුම්දීමක්.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාළ සීමාව තුළ බාහිර පාර්ශවයකට ඇතුළු වීම තහනම් කර ඇත.
එමෙන්ම අදාල ලියකියවිලි හැර වෙනත් කිසිදු පත්‍රිකාවක් සිසුන් අතර බෙදාහැරීම ද නොකළ යුතු ය.
ඒ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දී තිබෙනවා.
මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය (29) වන දා ආරම්භ විය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය විභාගය මධ්‍යස්ථාන 3568 ක දී පැවැත්වෙන අතර, ඉදිරිපත්වන අපේක්ෂකයන් සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස් තුනක් (472553) ය.
එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ බන්ධනාගාර රැදවියන් 10 දෙනෙකු ද මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීන බවයි.
ඒ වටරැක සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පස්දෙනෙකු බැගින් ඊට ඇතුළත් වන අතර ඔවුන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ නව මැගසින් බන්ධනාගාරය යි.
එමෙන්ම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා සඳහන් කළේ, විභාගයට මුහුණදෙන සිසුන් හට සමබර ආහාර වේලක් සහ සුව නින්දක් ලබාදීම වැදගත් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |