සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින වකවානු ගැන ඇමතිගෙන් දැනුම්දීමක්..
Ministry of Education
A D Susil Premajayantha
Department of Examinations Sri Lanka
G.C.E.(A/L) Examination
G.C.E. (O/L) Examination
By Aruna
2023 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි මස මුල සිට පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, නිශ්චිතවම දිනයක් ප්‍රකාශ කිරීම විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදු කරන බවයි.
2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 සිට ජනවාරි 31 දක්වා කල්යෑම සැලකිල්ලට ගෙන, සාමාන්‍ය පෙළ විභාගය ද මැයි මස දක්වා කල් දැමෙන බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, 2025 වසරේ සිට සුපුරුදු පරිදි විභාග නියමිත දිනවල පැවැත්වීමට කටයුතු කරන බවයි.