සාමාන්‍ය පෙළ(O/L) සියලු සිසුන්ට විශේෂ දැනුම්දීමක්..
2022(2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.
මේ අනුව, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ.
මේ අතර, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 04 වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදුකරනු ලබන බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.
සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කරනු ලබන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
දේශීය සහ විදේශීය භාවිතය සඳහා විභාගයේ සහතික පත්‍ර අද (01) දිනයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව සලසාදී තිබෙන බව ද සදහන්.
මේ අතර 2022(2023) සාමාන්‍ය පෙළ විභාගය සදහා සහභාගී වූ මුළු සිසුන් සංඛ්‍යාව 472553 වන අතර ඉන් පාසල් අයදුම්කරුවන් 394450 ක් සිටින අතර, පෞද්ගලික අයදුම්කරුවන් 78103ක් සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙහිදී 2023 වර්ශයේ පැවති මෙම විභාගය විභාග මධ්‍යස්ථාන 3568ක සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 536 පවත්වා ඇත.
මීට අදාලව නිකුත් කළ නිවේදනය සහ
වැඩි විස්තර පහතින්,