මෙවර සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට විභාගය ගැන විශේෂ දැනුම්දීමක්..
එළඹෙන 2023 (2024) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම විභාග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.
මේ අනුව,විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, ලබන මැයි මස 06 වැනිදා ආරම්භ කිරීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර සියලු පාසල්වලට ඊයේ (17) වන විට යවා අවසන් කළ බවයි.
පෞද්ගලික විභාග අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍රද 20 වැනිදා වන විට තැපැල් කර අවසන් කරන බව හෙතෙම කියා සිටියේ ය.
යම් අපේක්ෂකයකුට ප්‍රවේශපත්‍ර සම්බන්ධව ගැටලුවක් ඇත්නම් ඒවා නිරාකරණය කර ගැනීමට 22 වැනිදා සිට 29 වැනිදා දක්වා ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙන අතර, විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් එම සේවාව ලබාගත හැකිය.
මෙම ගැටලු විසඳා ගැනීමේ කාල සීමාවෙන් පසුව අමතර තවත් කාලයක් අපේක්ෂකයන්ට ලබාදීමට අපහසු වනු ඇති බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර, ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ විභාගයට අදාළ මූලික කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව ද ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග 2023 (2024) 2024 මැයි 06 සිට 15 දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%